එළැඹෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් කොළඹ සිට හැටන් දක්වා සහ හැටන් සිට කෙටි දුර ධාවනය වන පෞද්ගලික බස් රථ මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද(19) දින හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේදී මෙම පරීක්ෂාව සිදු කළ අතර මෙහිදී අනුමත මුදලට වඩා වැඩි මුදලක් අය කර මගීන් ප්‍රවාහනය කිරීම, කොන්දොස්තර බලපත්‍රය නොමැතිව බස් රථවල මගීන්ගෙන් මුදල් ලබාගැනීම, මගී අවසර පත්‍රයක් නොමැතිව බස් රථ ධාවනය කිරීම, මගී ප්‍රවාහන අවසර පත්‍රයේ සඳහන් මාර්ගයට පටහැනිව වෙනත් මාර්ගවල බස් රථ ධාවනය කිරීම යන චෝදනා යටතේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ගණනාවකගෙන් අද(19) දින රුපියල් 207000ත දඩ මුදලක් අය කර ගැනීමට හැකි වූ බව මධ්‍යම පලාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ වැටලීම් ඒකකයේ ප්‍රධාන පරීක්ෂක පී.එස්.ටී.බී. විජේසිංහ මහතා පවසනවා.
දීපාවලී උත්සවය අවසන් වනතෙක් මෙම වැටලීම් සිදු කරන බවයි විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.