මහනුවර ජාතික රෝහල මැදින් වැටී ඇති මාර්ගය හරහා අනන්‍යතාවය හෙළි නොකර සිය රථයෙන් යාමට පැමිණි මහනුවර දිස්ත්‍රික් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රෝහල් පරිශ්‍රයේ මාර්ගයට ඇතුළුවීමට රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරීන් අවසර නොදීමෙන් රෝහල් පරිශ්‍රයේ පසුගිය 24 වනදා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බව වාර්තා වනවා.
මෙම අවස්ථාවේ මන්ත්‍රීවරයා තමන් කවුද කියා නොහඳුන්නේදැයි රෝහල් ආරක්ෂක නිලධාරීන්ගෙන් විමසූ විට ආරක්ෂක නිලධාරීන් එම තරුණ මන්ත්‍රීවරයා කවුදැයි නොහඳුනන බව පැවසීම නිසා රෝහල් පොලිසියේ නිලධාරීන්ද එම ස්ථානයට කැඳවීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් නිලධාරීන්ද මෙම තරුණ මන්ත්‍රීවරයා හඳුනානොගැනීම නිසා එම ස්ථානයේ අර්බුදකාරී තත්ත්වයක් ඇති වූ බව රෝහල් සේවකයෝ සහ රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරින්ද කියා සිටියා.
අදාළ මන්ත්‍රීවරයා පැමිණි වාහනයේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට හඳුනාගැනීමට රාජ්‍ය ලාංඡනයක් හෝ වෙනත් හඳුනාගත හැකි ලාංඡනයක් ප්‍රදර්ශනය නොකිරීම නිසා රෝහලේ ආරක්ෂක නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ටද මන්ත්‍රීවරයා හඳුනාගැනීම අපහසු වී තිබෙනවා.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා සහ රෝහලේ ආරක්ෂකයන් අතර මෙහිදී උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිව තිබෙනවා.
පසුව තරුණ මන්ත්‍රීවරයා මහනුවර උසස් පොලිස් නිලධාරියෙකුට සිද්ධිය දැනුම් දී ඇති බව මහනුවර පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙම සිද්ධිය පසුගිය 24 වැනිදා පෙරවරු 11ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
තරුණ මන්ත්‍රීවරයා සමග උණුසුම් වචන හුවමාරුවක යෙදුණු පාර්ශ්වයද එම මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ මාලිමා ආණ්ඩුවට ඡන්දෙ දීලා මන්ත්‍රීවරු පත් කර ගත්තේ පසුගිය ආණ්ඩුවේ අය වගේ චණ්ඩිකම් දාපු අය පත් කර ග න්න නොවන බවයි.
තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන් කවුදැයි හඳුනාගත හැකි නිල ලාංඡනයක් ඔහුගේ රථයේ ප්‍රදර්ශනය කර තිබුණා නම් රෝහල් පරිශ්‍රයට ඇතුළුවීමට කිසිදු බාධාවක් නොවන බව රෝහල් පාලනාධිකාිය සහ ආරක්ෂක අංශ පවසනවා.
උපුටා ගැනීම : ලංකාදීප පුවත්පත