උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් නගරයට බලපෑ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහල ගොස් තිබෙනවා .
ඒ අනුව මේ වන විට එම භූ කම්පනය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 20ක්.
එමෙන්ම මෙහිදී 260ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් වාර්තා වී තිබුණා .
එමගින් මසාර්-ඊ ෂරීෆ් නගරයට මෙන්ම තවත් ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ලවී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කලේ.
භූකම්පනයේ බලපෑමෙන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා .
ඒ අනුව මියගිය හා තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ඇෆ්ගනිස්ථාන බලධාරීන් සදහන් කලේ .
නිරන්තරයෙන් භූකම්පනවල බලපෑමට ලක්වන ඇෆ්ගනිස්තානයේ පසුගිය අගෝස්තු මාසයේ සිදු වූ භූකම්පනයකින් ද පුද්ගලයින් 2,200කට අධික පිරිසක් මියගොස් තිබුණා.













