පාදයේ තුවාල සහිතව පොල්පිතිගම කැලයක වලක වැටි දින නවයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද උදෑසන මිය ගියා.
ප්‍රතිකාර සිදු කෙරෙමින් පවතින අතරතුර භාතිය හස්තියා වැතිර සිටි ඉරියවුව වෙනස් කරමින් ඊයේ අනෙක් පසට හැරවීමද වෛද්‍ය උපදෙස් අනුව සිදු කෙරුණා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ උපදෙස් මත වනජීවී නිලධාරීන්, යුද හමුදාව ඇතුළු කණ්ඩායමක් එක්ව භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කළා.
කෙසේ වෙතත් දින ගණනාවක් තිස්සේ දැඩි ලෙස රෝගාතුරුව සිටි භාතිය හස්තියා අද උදෑසන 8.55 ට පමණ මිය ගියා.