හැටන් නගරයේ වෙළෙඳ සැල්වලට ගොස් එම වෙළෙඳ සැල්වල ඇති භාණ්ඩ සොරා ගන්නා පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු ලබාගැනීමට හැටන් පොලිසිය මහජන සහය පතනවා.
වෙළෙඳ සේවකයින් අඩු වෙළෙඳ සැල්වලට ගොස් එම පුද්ගලයා එම වෙළෙඳ සැල්වල අලෙවි කිරීමට තිබෙන භාණ්ඩ ඉතා සුක්ෂම ලෙස රැගෙන යන බවයි හැටන් නගරයේ වෙළෙඳුන් කියා සිටින්නේ.
එම පුද්ගලයා ඊයේ(21) දින හැටන් නගරයේ රූපලාවන්‍ය ආයතනයකට ගොස් එහි අලෙවි කිරීමට තිබූ වටිනා සාරියක් ඉතා සුක්ෂම ලෙස රැගෙන යන අවස්ථාවේ එම වෙළෙඳ සැලේ වෙළෙඳ සේවිකාව එම පුද්ගලයාගෙන් සාරිය යළි උදුරාගෙන තිබෙනවා.
එම පුද්ගලයා රූපලාවන්‍යාගාරයට ඇතුළු වන ආකාරය එම රූපලාවන්‍යාගාරයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේද සටහන් ව තිබෙනවා.