බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
විවිධ පාර්ශ්වයන්ගෙන් ලද පැමිණිලි සහ චෝදනා මත කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලීම සඳහා අතිරේක කොමසාරිස් කසුන් වැල්ලහේවා මහතා පත් කර ඇති බවයි.
රත්නායක මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරයට පත් කෙරුණේ 2024 ජනවාරි මාසයේදීයි.