උතුරු සිරියාවේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
තුර්කි හිතවාදී හමුදාව විසින් අත්පත් කරගෙන සිටින උතුරු සිරියාවේ ඇලෙප්පෝ පළාතේ අසාස් නගරයේ පිහිටි වෙළඳපොලක එම පිපිරීම සිදුව ඇති බව සඳහන්.
මෙම බෝම්බය පුපුරුවා ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.