මන්නාරම පල්ලිමුනේ වෙරළින් ධිවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයෙකු බෝට්ටුව පෙරැළී සිදුවූ අනතුරකින් මුහුදට ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මන්නාරම පල්ලිමුණේ බටහිර ප්රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙක්.
මියගිය ධීවරයා තවත් ධිවරයින් කීපදෙනකු සමග මුහුදු ගොස් සිටියදී වර්ෂාවත් සමග දැඩි සුළං තත්වයක් මුහුදට බලපා ඇති අතර එහිදී ධිවර යාත්රාව මුහුදේ පෙරලි යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.