උනවටුන රූමස්සල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර බෝට්ටුවක් පෙරලි යාමෙන් ධීවරයන් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
පසුගිය 28 වැනිදා බෝට්ටුව පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී එක් ධීවරයෙක් බේරා ගැනීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ.
අතුරුදන් වූ ධීවරයන් අවුරුදු 42 සහ 56 යන වයස්වල පසුවන ගාල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් බව සඳහන්.
ඒ අනුව මෙම ධීවරයන් දෙදෙනා සොයා පොලිස් නිලධාරීන් නාවික හමුදාවේ සහය ඇතිව මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
- දිස්ත්රික්ක දෙකකට තවදුරටත් නායයාමේ රතු නිවේදන
- ලොරි – ලංගම බස් අනතුරේ රියදුරන් දෙදෙනාම රක්ෂිත බන්ධනාගාරයට
- “සීතල” කිලෝ 8කට අධික ප්රමාණයක් සමග අයෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
- ඉන්දීය විදේශ ඇමති ලංකාවට
- ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිදට වසර 17 ක සිර දඩුවම්
- මාලිමා මන්ත්රීගේ ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක්













