කොළඹ පිළියන්දල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක ගින්නක් හට ගෙන තිබෙනවා.
ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ 4ක් පිටත් කර ඇති බවත්, කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවත් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.