කාම්බෝජයේ, සියම් රීප් හි පැවති 20 වන ආසියානු මාධ්‍ය සමුළුවේ සමාප්ති උත්සවයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අන්කෝර් මුලපිරීම 2.0 (Angkor Initiative 2.0) ප්‍රකාශනයට අත්සන් තබන ලදී.
මෙම ප්‍රකාශනය මගින් සාවද්‍ය තොරතුරු වලට එරෙහිව කලාපීය උත්සාහයන් ශක්තිමත් කිරීමට සහ තොරතුරු අඛණ්ඩතාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ලැබේ.
විකාශන සංවර්ධනය සඳහා වන ආසියා ශාන්තිකර විකාශන ආයතනය (AIBD) විසින් සංවිධානය කරන ලද සහ කාම්බෝජයේ තොරතුරු අමාත්‍යාංශය විසින් පවත්වන ලද ආසියානු මාධ්‍ය සමුළුවට කලාපයේ රටවල මාධ්‍ය විෂය භාර අමාත්‍යවරු මාධ්‍ය ආයතන ප්‍රධානීහු සහ වෘත්තිකයෝ ඇතුළු විදේශීය නියෝජිතයෝ 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.
කාම්බෝජයේ තොරතුරු අමාත්‍ය නෙත් ෆීක්ත්‍රා (H.E. Neth Peaktra) සහ ආසියා ශාන්තිකර විකාශන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ෆිලෝමේනා ඥානප්‍රගාසම් (Ms Philomena Gnanapragasam) මහත්මියගේ දේශන සමඟින් ජූලි 22 වන දින මෙම සමුළුව කාම්බෝජයේ දී ආරම්භ විය.