රැප් ගායන ශිල්පියෙක් වන ‘මාධව ප්‍රසාද්’ නොහොත් ‘මදුවා’ නම් පුද්ගලයා ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා .
කහතුඩුව පොලීසිය පවසන්නේ මෙම සැකකාර රැප් ගායකයා රැඳී සිටි හෝමාගම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක දී ඔහුව අත්අඩංගුවට ගත බවයි.
හය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මත්ද්‍රව්‍ය සහ පිස්තෝලයක් තබාගෙන රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටින අයුරු දැක්වෙන විඩීයෝවක් මුහුණු පොත ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ .
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සිය පරිශීලකයින් පිරිස වැඩිකර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය පානය කරන වීඩියෝ මුහුණුපොතට මුදා හරින බවට අනාවරණය වී තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් හා හෑෂ් ග්‍රෑම් 35ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, 26 හැවිරිදි සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.