බොරැල්ල ප්‍රදේශයේ අද පස්වරු 5.45ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
පොලිසිය කියා සිටියේ වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමගින් පලාගොස් ඇති බවයි.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර වෙඩි තැබීම සඳහා ටී56 වර්ගයේ ගිනි අවියෙක් යොදාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු රගෙන නොමැති අතර බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.