බොරැල්ල පොලිස් වසමේ දේවි බාලිකා වටරවුමේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා මාර්ගයේ, කොළඹ දෙසට ඇතුළු වන මංතීරුවක් ගිලා බැසීම හේතුවෙන් එහි රථවාහන ගමනාගමනය සීමාකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
අලුත්වැඩියා කටයුතු සඳහා අද රාත්‍රී 7.00 සිට එම මංතීරුවේ ගමනාගමනය සම්පූර්ණයෙන් සීමා කිරීමට පියවර ගන්නා බව පොලිසිය දැනුම් දෙනවා.
මාර්ගය භාවිතා කරන රියදුරන් සහ මහජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි පොලීසිය ඉල්ලා සිටිනවා.