බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව අද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. පොලීසිය සඳහන් කළේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියේ 50 වැනි ජුබිලි මහොත්සවය වෙනුවෙන් කොළඹ අගරදගුරු මැදුරේ ප්‍රභූවරුන් ඇතුළු ආරාධිතයින් විශාල ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්වය වෙනුවෙන් මෙලෙස විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ. මේ අනුව ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා අද පස්වරු 03.00 සිට රාත්‍රී 9.00 දක්වා බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙන, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බර වාහන ඇතුළු වීම සීමා කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි














