බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා.
එම ත්‍රිරෝද රථය තුළ තිබී කළු පැහැති ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ ජැකට්ටුවක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇති බවයි සදහන් වන්නේ.
බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් යළි නිවස වෙත පැමිණෙමින් සිටි අයෙකු ඉලක්කකර ඊයේ රාත්‍රී 12.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුනා.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිසිය සදහන් කලේ.
මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස පන්සල පාරේ පදිංචි ගිහාන් දුලාන් පෙරේරා නොහොත් චොප්පේ නමින් හඳුන්වන 21 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක්