ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන්.
ඒ අනුව අද (16) දිනයේ WITබොරතෙල් බැරලයක මිල ඩොලර් 77.08කට අලෙවි වු අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අලෙවි වී ඇත්තේ ඩොලර් 75.37ක් ලෙසයි.
ඊශ්‍රායලය සහ ඉරානය අතර ප්‍රහාරයන් ආරම්භ වීමට පෙර පසුගිය 12වනදා ලෝක වෙළෙඳපොළේ WITබොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඩොලර් 68.04ක් ලෙස වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අලෙවි වී තිබුණේ ඩොලර් 69.24ක් ලෙස වාර්තා වී තිබුණා.
මේ අනුව පසුගිය සතිය තුළ ලෝක වෙළෙඳපොළේ අඛණ්ඩ වැඩිවීමක් දක්නට ලැබුණා.