බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් මදන මෝදක ගුලි අලෙවි කිරීම සඳහා තබාගෙන සිටි පුද්ගලයෙකු එම ලොරි රථය සමග නෝර්ටන් බි්‍රජ් පොලිසිය විසින් අද(16) වන දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබඳ කරන ලද විමසීමකදී අදහස් දැක්වූ නෝර්ටන් බි්‍රජ් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේරත්න මහතා පවසන ලද්දේ හඳපාන්ගොඩ පදිංචි මෙම පුද්ගලයා කුඩා ලොරි රථයකින් බේකරි නිෂ්පාදන රැගෙන මධ්‍යම පළාතේ විවිධ ප්‍රදේශවලට ගොස් එම බේකරි නිෂ්පාදන අලෙවි කරන අයෙකු බවත්ය.
ඔහු පොල්පිටිය ඇඩි්‍රත් ප්‍රදේශයේ වෙළෙඳ සැල්වලටද එම බේකරි නිෂ්පාදන අලෙවි කරන බවත් එම ප්‍රදේශයේ අයෙකුගේ ලිපිනයට කුරියර් මගින් පාර්සලයක් ගෙන්වාගෙන එම පාර්සලය තවත් ස්ථානයක තබා පසුව මොහු ලොරි රථයෙන් රැගෙන යමින් සිටියදී ලද තොරතුරක් මත නෝර්ටන් මිඩ් ෆෝර්ඩ් ප්‍රදේශයේදී එම ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදී මදන මෝදක ගුලි 250ක් අඩංගු පාර්සලයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පාර්සලය තුළ බෝතල් 25ක එක් බෝතලයක ගුලි 10 බැගින් ඉතාමත් සුරක්ෂිතව කොලවල ඔතා ගතිබූ බවත් ඒ අනුව එම පුද්ගලයා හා අදාළ ලොරි රථය අත්අඩංගුවට ගත් බවත් ඔහු පවසනවා.
මෙකී මදන මෝදක ගුලි ආගරපතන ප්‍රදේශයේ වෙළෙඳ සැලකට අලෙවි කිරීම සඳහා රැගෙන යන බවට මූලික පරීක්ෂනවලින් හෙළිව ඇති බවත් මෙම පුද්ගලයා බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් මදන මෝදක ගුළි අලෙවි කරන අයෙකු බවට සැකකරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර හැටන් පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කරන බවද කපිල විජේරත්න මහතා තවදුරටත් කියා සිටියා.