මෙරට ලියාපදිංචි වෛද්‍යවරුන් හා දන්ත වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කර ඇති ආචාරධර්ම මාලාවේ සඳහන් ආකාරයට පැහැදිලි අත්අකුරින් රෝගියාට බෙහෙත් තුණ්ඩු නිකුත් කිරීමට හා ඖෂධීය නාමයෙන් බෙහෙත් වර්ග නිර්දේශ කිරීමට වහා පියවර ගත යුතු බව වෛද්‍ය සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
මෙම නිර්දේශයන්ට අනුව කටයුතු නොකරන වෛද්‍යවරුන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගන්නා බවද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය එච්.ඩී.බි. හේරත් මහතා විසින් පසුගිය ඉරිදා(09) නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්.
මෙරට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද සේවය කරන වෛද්‍යවරුන් බොහෝ දෙනෙකු විසින් රෝගීන්ට නිකුත් කරන බෙහෙත් තුණ්ඩුවල තිබෙන අත්අකුරු කියවීමට අපහසු තරම් අපැහැදිළි බවට රෝගීන්ගෙන් මෙන්ම ඖෂධවේදීන්ගෙන් ද පැමිණිලි රැසක් ලැබීම නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
මෙසේ කියවීමට අපහසු අපැහැදිළි අත්අකුරුවලින් නිකුත් කරන බෙහෙත් තුණ්ඩු නිසා රෝගීන් අතට වැරදි බෙහෙත් ලැබීමේ අවදානමක් ඇති බවද ඒ හරහා රෝගීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවද වෛද්‍ය සභාව පවසනවා.
වෛද්‍ය සභාව විසින් වෛද්‍යවරුන්ට පැහැදිළි අත්අකුරින් බෙහෙත් තුණ්ඩු නිකුත් කිරීමටත් ඖෂධීය නාමයෙන් බෙහෙත් නිර්දේශ කිරීමටත් දැනුම්දීම රෝගී සත්කාර සේවාව යහපත් දිශාවකට රැගෙන යාමට උපකාරී වනු ඇති බව මේ සම්බන්ධයෙන් අදස් දක්වන රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා.
උපුටා ගැනීම : දිවයින පුවත්පත 2025-11-14













