කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධයක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩබලන ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුවයි.
එම ලිපියේ දැක්වෙන්නෙ රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කිරීම නිසා අදාළ වැඩ තහනම් කිරීම කරන බවයි.
එසේම ඒ සම්බන්ධයෙන් විධිමත් විනය ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී ගනු ලබන බවද අදාළ ලිපියේ සඳහන්.













