මාතර දිස්ත්‍රික්කයේ බෙරලපනාතර සමූපකාර නිලවරණයේ බලය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ පොදු විපක්ෂය සමත් වූ බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරනවා.
බෙරලපනාතර සමුපකාර ඡන්දය පැවැත්වුණේ ඊයේ පස්වරුවේයි.
හක්මන මැතිවරණ කොට්ඨාශයේ ඌරුබොක්ක බෙරලපනාතර සමුපකාර සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාගැනීම සඳහා පැවැති ඡන්දයේදිි මෙලෙස ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ප්‍රමුඛ විපක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.
මෙහිදී පොහොට්ටුව ප්‍රමුඛ විපක්ෂය ජන්ද 85 ක් ලබාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
ආණ්ඩු පක්ෂ කණ්ඩායම ලබාගෙන තිබෙන්නේ ජන්ද 14 ක් පමණයි













