එක්සත් රාජධානියේ විදේශ පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.
ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීයි.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය කලාපීය භූ දේශපාලන අභියෝගකාරී තත්වයන් සහ එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර තිබූ බවයි වාර්තා වන්නේ.













