පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බලයක් හිමි වූ බෙන්තොට, ගම්පොළ සහ මන්නාරම යන සභාවල බලය පිහිටුවීමට සමගි ජන බලවේගය සමත්ව තිබෙනවා.
ඒ අනුව බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ලබාගැනීමට අද(24) සමගි ජන බලවේගයට හැකියාව ලැබී තිබෙනවා.
බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මංගල සැසි වාරය අද (24) පැවැති අතඑ එහිදී සභාපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලසන්ත විජේවර්ධන මහතා එම ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කරගෙන තිබෙනවා.
මේ අතර ගම්පොල නගර සභාවේ නව නගරාධිපතිවරයාද සමගි ජන බලවේගයෙන් පත් කර ගැනීමට අද සමත්ව තිබෙනවා.
ගම්පොල නගර සබාවේ මංගල සැසිවාරය අද පැවැති අතර එහි නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්දයෙන් සමගි ජන බලවේගය නියෝජනය කළ හිරුක වීරරත්න මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්ව තිබෙනවා.
මන්නාරම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අබ්දුල් ජබීර් මොහොමඩ් මහතා තේරී පත්ව තිබෙනවා.