බෙන්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගෙන ඇති බව වාර්තා වනවා .
මෙහිදී එක් අධ්‍යක්ෂ තනතුරක් පමණක් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට හිමිව ඇති බව සදහන්.
බෙන්තොට විවිධ සේවා සමුපකාර සමිතියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ගැනීම සඳහා දකුණු පළාත් සමුපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බෙන්තොට සමුපකාර ප්‍රධාන කාර්යාලයේදී මෙම නිලවරණය පැවැත්වුණා.
එහිදී පත්වූ අධ්‍යක්ෂවරුන් හත්දෙනාගෙන් බෙන්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය කණ්ඩායමෙන් ජය ලබා ගත් කළ චන්දික කිෂාන්ත මහතාපත් වුණා .
එහි උපසභාපතිවරයා ලෙස ජාතික ජන බලවේග කණ්ඩායමේ යොහාන් කාලිංග මහතායි පත් වුනේ.













