බන්ධනාගාර යෙන් ලබාදෙන ආහාර කෑමට ගැනීමට සුදුසු තත්ත්වයේ නොමැති බව පවසින් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවා සිටින රැඳවියන් විරෝධතාවය ප්‍රකාශ කරමින් සිටිනවා.
සිරමැදිරිවල දොරවල් වැසීමට ඉඩ නොදෙමින් කළහකාරී ලෙස හැසිරෙමින් විරෝධතාවයේ නියැලෙන බවයි වාර්තා වන්නේ.
පිටතින් ලබාදෙන ආහාර රැගෙන ඒමා සීමා කිරීමත් සමගින් මෙම තත්ත්වය උද්ගතව ඇති බවත් බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර වර්ජනය කරමින් විරෝධතාවය දක්වන බවත් ඔවුන්ගේ ඥාතීන් කියා සිටිනවා.
මෙවැනි සිදුවීමක් සිදුව ඇති බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති සුදේශ් නන්දිමාල් මහතාද තහවුරු කර සිටියා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඉතා කඩිනමින් විසඳුමක් අපේක්ෂා කරන බවත් බන්ධනාගාරවල සිදුවන මෙවන් සිදුවීම් සම්බන්ධයෙන් දිගින් දිගටම වාර්තා වීම කනගාටුවට කරුණක් බවත්ය.
කෙසේ වෙත්ත බලධාරීන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරමින් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති සුදේශ් නන්දිමාල් මහතා පවසනවා.