දේශීය වෙළෙඳ පොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් තම වෙළෙඳාම් කටයුතු අඩාල වී ඇති බව හැටන් බුලත් පුවක් වෙළෙඳසල්වල හිකරුවන් පවසනවා.
පීදුණු බුලත් කොලයක් රුපියල් දහකටත් රැහැන් බුලත් කොළයක් රුපියල් අටකටත් කුඩා බුලත් කොළයක් රුපියල් හතක් වැනි මුදලකටත් තොග මිල ලැබෙන බවත් පවත්නා තත්ත්වය මත බුලත් කොළ 40කින් යුත් බුලත් අතක් රුපියල් 350 සිට රුපියල් 450 දක්වා මිලකට අලෙවි කිරීමට සිදුවන බවයි වෙළෙඳුන් පවසන්නේ.
බුලත් මිල ඉහළ යාමට සමගාමීව පුවක් මිලද ඉහළ යාම හමුවේ බුලත් විටක් රුපියක් 70ක් වැනි මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බවයි එම වෙළෙඳුන් කියා සිටින්නේ.
බුලත්වලට රෝගයක් වැළඳීම හේතුවෙන් බුලත් ඵලදාව අඩුවී ඇති නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ මෙලෙසබ ුලත් මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පුවක් ඵලදාව මේ දිනවල සිදු නොවන නිසා පුවක් මිලද ඉහළ ගොස් ඇති බවයි හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් අලෙවිකරන වෙළෙඳුන් පවසන්නේ.
බුලත් පුවක්වල මිල ඉහළ යාම හමුවේ තම දෛනික වෙළෙඳාම සීග්‍රයෙන් පහල වැටි ඇති බවද වෙලෙඳුන් පවසනවා.
එසේම වෙලෙඳුන් පවසන්නේ බුලත් තොග මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවුවද ඉන් ලැබෙන ලාභ ප්‍රතිශතය ඉතා අඩු බවයි.