බීමතින් රිය පැදවීමේ චෝදනාවට ලක්වූ පාසල් බස් රථ රියදුරෙකුට මාස දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.
ඒ කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
එසේම රියදුරුවරයාගේ රියදුරු බලපත්‍ර වසරක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.
ඊට අමතරව විත්තිකරුට රුපියල් තිස් දහසක දඩයක්ද අධිකරණය විසින් නියම කර තිබෙනවා.
මෙලෙස දඬුවම් ලබා ඇත්තේ ඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක් පමණ වන විත්තිකරුවෙකුටයි.
අධ්‍යාපන චාරිකාවක් සඳහා ඇල්ල සිට ත්‍රිකුණාමලය දක්වා පාසල් දරුවන් ප්‍රවාහනය කරමින් සිටියදී රියදුරු බීමතින් සිටි බවට සොයාගෙන තිබෙනවා.
තඹලගමුව පොලිස් ජංගම මුර සංචාර ඒකකය විසින් බස් රථය පරීක්ෂා කර ඇති අතර එහිදී රියදුරු බීමතින් සිටි බව සොයාගෙන තිබෙනවා.
නිලධාරීන් ඔහුව එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන දරුවන්ට ඔවුන්ගේ සංචාරය දිගටම කරගෙන යාමට වෙනත් රියදුරෙකු ලබා දී තිබෙනවා.