අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බී.බී.සී මාධ්‍ය ආයතනයට එරෙහිව නඩුවක් ගොනුකර තිබෙනවා.
ඒ ඩොලර් බිලියන 10 ක වන්දි ඉල්ලීමක් සිදු කරමින්.
තමාට එරෙහිව අපකීර්තියක්, සහ ද්වේශසහගත ලෙස ප්‍රවෘත්තියක් විකාශය කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් එම ආයතනයට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා.
2021 වසරේ ජනවාරි මස 6 වැනිදා අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ කතාවක් සම්පූර්ණයෙන්ම වෙනස් කර විකාශය කිරීම සම්බන්ධයෙන් පසුගියදා එහි විධායක නිලධාරියා සහ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ඉල්ලා අස්වුණා.













