අද පස්වරුවේ සිදු වූ බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අනතුරෙන් පැය කිහිපයකට පසු ඉන්දීය මාධ්‍ය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම තහවුරු කරනු ලැබුවේ ගුවන් අනතුරෙන් එහි සිටි සියලු දෙනාට දිවි අහිමි වූ බවයි
කෙසේ නමුත් අදාළ ගුවන් යානයේ 11් ආසනයේ සිටි මගියා මේ වනවට දිවි බේරාගෙන ඇති බවට වාර්තා වනවා.
මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ විශ්වාෂ් නම් බි්‍රතාන්‍ය ජාතිකයෙක්.
ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් බෝයිං 787 ගුවන් යානය අද (12) පස්වරු 1. 38ට උඩු ගුවනට ඔසවා විනාඩි කිහිපයකට පසුව අනතුරට පත්ව තිබුණා.