සිය බිරියගේ ගෙල කපාගෙන පොලිසිය වෙත පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණු බව පුලියන්කුලම පොලිසිය පවසනවා.
වවුනියාව, ආනන්දපුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස සිය බිරියගේ ගෙල කඳෙන් වෙන් වන සො කපාගෙන අද(03) උදෑසන පොලිසියට පැමිණ තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සැමියා විසින් සිය බිරියගේ හිස කපා දමා හිසද රැගෙන පොලිසිය වෙත පැමිණ ඇති බවයි.
එලෙස ඝාතනය වී ඇත්තේ සුජිදරන් ස්වර්ණලතා නමැති කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.