කළුතර, ගමගොඩ ප්රදේශයේ ඊයේ රාත්රියේ පැවති සංගීත ප්රසංගයක් අතරතුරදී තරුණයෙකුගේ ගෙල කපා ඝාතනයක් සිදුකර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, ජන උදාන ගම්මානයේ පදිංචිව සිටි මෙනුර නිම්තර වනිගසේකර නැමැති 20 හැවිරිදි තරුණයෙක්.
පොලිසිය සඳහන් කළේ මෙම සංගීත ප්රසංගයට පැමිණි තරුණයා, ඔහු සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේම සේවය කරන තවත් තරුණියක සමග එහිදී නර්තනයේ යෙදී ඇති අතර, එම තරුණියගේ සැමියා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.