පුරන් වී ඇති සෑම බිම් අගලක්ම වගා කිරීම එක මිටට ගොවි බිමට ජාතික වැඩසටහනේ අරමුණ බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසනවා .
මේ අනුව යමින් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ඉඩම් අක්කර දෙදහසක බඩ ඉරිගු වගා කිරීමේ කටයුතු අද ආරම්භ කළ බවයි සඳහන් වන්නේ .
අක්කර දෙදහසක බඩ ඉරිගු වගාව ආරම්භ කෙරුණේ අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රදානත්වයෙනුයි.
පුරන් වී ඇති සෑම බිම් අගලක්ම වගා කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙහිදි ප්‍රකාශ කළා.
ඉඩම් හිමියන් සඳහා තාවකාලික බලපත්‍ර ප්‍රධානය ද මෙහිදි සිදුකෙරුණා.