බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කෙරෙන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර තිබෙනවා.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කලේ ගොවි ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් පදනම් කරගෙන මෙම රක්ෂණ ක්‍රමය සකස් කර ඇති බවයි.
මෙහිදී වගා කරන ලද බිත්තර වී වගාවට ගංවතුර, නියඟය, රෝග, කෘමි හානි, ස්වභාවික විපත් සහ වන අලි හානිවලින් සිදුවන හානි ආවරණය කර තිබෙනවා.
එමෙන්ම අක්කර 01ක් සඳහා කන්නයකට රුපියල් 13,600 වාරික මුදලක් ගෙවීමෙන් අක්කරයකට රුපියල් එක්ලක්ෂ 80,000ක වන්දි මුදලක් ලබාගත හැකි බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කලේ.
උණුසුම් පුවත්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට














