උත්සව සමය තුළ බිත්තර මිල ඉහළ යන බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ අසත්‍යයක් බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ පිටරටින් බිත්තර ආනයනය කිරීමේ අරමුණින් ඇතැමුන් විසින් මෙම අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවයි.
රුපියල් 45 කට අඩු මිලකට බිත්තර ලබාදීමට හැකියාව පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.













