බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගතහොත් එම ආනයනික බිත්තරවලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා සඳහන් කළේ ලබන පෙබරවාරි මාසය වන විට බිත්තරයක මිළ රුපියල් 50 ක් දක්වා අඩු කරන බවයි.
හඬ පට ධාවකයමේ අතර සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතාද මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කළා.
හඬ පට ධාවකයකෙසේ වෙතත් බිත්තර මිල අඛණ්ඩව ඉහළයාමත් සමඟ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පසුගියදා කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ අතර එහිදී බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය එකගතාව පළ කර තිබුණා.
හඬ පට ධාවකය