සමාජ මාධ්‍ය ඔස්සේ බිත්තර මිල ජනතාවට දැනුම්දීම ක්‍රමවේදයක් සැකසීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දිනපතාවම සමාජ මාධ්‍ය ඔස්සේ බිත්තර මිල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.
බිත්තර අලෙවියෙන් අතරමැදියන් අධික ලාභ ලැබීම මුල් කරගෙන මෙම පියවර ගන්නා බවද ඔවුන් අවධාරණය කරනවා.
පසුගිය මාස කිහිපයේ බිත්තර අධික මිල ගණන් යටතේ අලෙවි වූ බවද ඔවුන් පෙන්වා දෙනවා.
කෙසේ නමුත් මේ වන විට වෙළෙඳ පොළ තුළ බිත්තර මිල රුපියල් 28ත් 32ත් අතර මට්ටමක පවතින බවද පෙන්වා දෙනවා.
බිත්තර මිල ඉහළ යාමට හේතුව අතරමැද වෙළෙඳුන්ගේ ක්‍රියා බවට බොහෝ දෙනෙක් චෝදනා එල්ල කරනවා.
එවන් තත්ත්වයක් මතයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මෙලෙස දෛනිකව බිත්තර මිල සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුම්දීමට යාන්ත්‍රණයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන්නේ.