මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ෂාධිකා ලක්ෂානි නමැත්තිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කල නියෝගයකට අනුව ඇයව එළඹෙන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවට අද ඉදිරිපත් කර තිබුනා.