සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයකු වන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන එස්. ලක්ෂානි නමැත්තිය යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඇය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද(18) විභාගයට ගැනුණු අවස්ථාවේදී බැකෝ සමන්ගේ බිරිය යළි එළැඹෙන 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.
කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන්, පානදුරේ නිලංග සහ තැඹිලි ළහිරු නමැති සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවාද එරට පොලිස් භාරයට පත් වූවා.
ඉන් අනතුරුය ඇය ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබීමෙන් පසුව දිවයිනට පැමිණීමේදී කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.