රැඳවුම් භාරයේ සිටින බැකෝ සමන්ගේ ගෝලයෙකු ගිනිඅවි සමගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම මනූෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු පොලිස් විමර්ෂණවලින් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.
බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේ දී ත්‍රී රෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු පසුගිය 24 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළා.
ඒ පිළිබඳ විමර්ෂණ ආරම්භ කළ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාශය පිළියන්දල පැලන්වත්ත ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා.
ඔහු ළඟ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක් ද සොයා ගැනුනා.
මොහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරදාන කෝවිල්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 6 වනදා සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ෂණ කාර්යාංශය විමර්ෂණයක් ආරම්භ කළා.
ඒ අනුව කෙසෙල්වත්ත ශාන්ත සෙබස්තියන් මාවතේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.