බ්‍රිතාන්‍යයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාරා සුල්තානා කම්කරු පක්ෂයෙන් ඉල්ලා අස් වීමට තීරණය කිරීමත් සමග ඇය එම පක්ෂයේ හිටපු නායක ජෙරමි කෝර්බින් සමඟ එක්ව නව පක්ෂයක් ආරම්භ කිරිමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
ඇයව පසුගිය වසරේදී කම්කරු පක්ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබුණේ එරට දරුවන් දෙදෙනෙකුගේ ප්‍රතිලාභ සීමාව ඉවත් කිරීමට සහාය දැක්වීම හේතුවෙන්
ඉන් පසුව මෙලෙස අනෙකුත් ස්වාධීන මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් සමඟ එක්ව නව පක්ෂයක් පිහිටුවන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාරා සුල්තානා ප්‍රකාශ කර තිබෙනවා.