විදේශ ණය ගෙවීම නිල වශයෙන් අත්හිටුවා තිබුණ ද ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක් බහු පාර්ශ්වික ණය ලෙස මේ වන විටත් වාර්ෂිකව ගෙවා දමමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මෙතෙක් අත්හිටුවා ඇත්තේ ද්වී පාර්ශ්වික විදේශ ණය ගෙවීම පමණක් බවයි අමත්‍යවරයා සඳහන් කලේ.
ණය ගෙවීම අත්හිටුවීමට පෙර වාර්ෂිකව ඩොලර් බිලියන 5ක පමණ මුදල් ගෙවූ බවයි අමාත්‍යවරය පෙන්වා දෙන්නේ.
ණය ගෙවීම අත්හිටුවා තිබුණ ද 2022 වසරේ දී ඩොලර් බිලියන 2.5ක මුදලක් ද 2023 වසරේ දී ඩොලර් බිලියන 2.6ක මුදලක් ද විදේශ ණය ලෙස ගෙවා දමා තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යමින් රජය සැම විටම ජනතාව වෙනුවෙන් කැපවෙමින් කටයුතු කරන බවයි.
එම තීන්දු තීරණ ජනප්‍රිය ඒවා නොවන බවත් රජයට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් බවට පත් කිරීම පමණක් බවයි අමාත්‍යවරයා අවධාරණය කලේ.
උණුසුම් පුවත්
- නානුඔයට ගිය සංචාරකයන් සප්‍රයිස් වුණු පිළිගැනීම
- “ඩක්කුව” විද්‍යාත්මකව හදන්න නාමල් බාරගනී
- නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
- මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකසා අවසන්
- වත්මන් රජය ජනාධිපතිවරණයේ ජනවරමත් පාර්ලිමේන්තුවේ ජනවරමත් විනාශ කර අවසන්
- මන්නාරමේ උණුසුම් තත්වයක්
- ඉන්දියා – රුසියා සබඳතා ශක්තිමත් කර ගැනීමේ සූදානමක්
- මෙම වසරේ රජයේ ආදායම ඉහළට