නව රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි ‘ සුරක්ෂිත ළමා ලෝකයක් – නිර්මාණශීලී අනාගත පරපුරක් ‘ යන ප්‍රතිපත්තිමය බැඳියාවෙහි ප්‍රධාන මූලධර්මයක් වශයෙන් දරුවන්ට සිදුවන අපයෝජන සහ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම හඳුනාගෙන තිබෙනවා.
දරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විවිධ අයුරින් මැදිහත් වන පාර්ශ්වයන් කිහිපයක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ දැනට ක්‍රියාත්මක වේ. ඒ අතුරින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලීසිය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
දරුවන්ට සිදු වන අපයෝජන සහ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් පැය 24 පුරාම පැමිණිලි භාර ගැනීමේ පහසුකම් සලසා ඇත. එසේ වුවද, විධිමත් අයුරින් පැමිණිලි ඉදිරිපත් නොවන අවස්ථාවන් ද බහුල වශයෙන් පවතින බව පෙනී ගොස් තිබෙනවා.
එවැනි අවස්ථාවලදී කඩිනමින් මැදිහත්ව කටයුතු කිරීමට හැකි වන පරිදි පහත සඳහන් පියවර ගැනීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.