බහුතර බලය නොමැතිව රැස්වීම් පැවැත්වීම ප්‍රමාද වූ දකුණු පළාතේ මහ නගර සභා දෙකක් ඇතුළුව පළාත් පාලන ආයතන 15 ක මංගල රැස්වීම් පැවැත්වෙන දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය අනුව ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම මෙම මස 20 වනදා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, හම්බන්තොට මහ නගර සභාවේ මහ රැස්වීම මෙම මස 23 වනදා පැවැත්වෙනු ඇති.
ඊට අමරතව ගාල්ල දිස්ත්‍රික්කයේ, හික්කඩුව නගර සභාව ඇතුලුව ප්‍රාදේශීය සභා 7 ක මංගල රැස්වීම් මෙම මස 18 වනදා සිට 30 වනදා දක්වා කාලය අතරතුර රැස්වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභාවේ සහ වැලිගම ප්‍රාදේශීය සභාවේ රැස්වීම් මෙම මස 27 වනදාත්, මුලටියන ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම මේ මස 25 වනදාත් පැවැත්වෙනු ඇති.
මීට අමතරව හම්බන්තොට මහ නගර සභාවේ රැස්වීම මේ මස 23 වනදාත්, තංගල්ල නගර සභාවේ මංගල රැස්වීම මෙම මස 26 වනදාත්, කටුවන ප්‍රාදේශීය සභාවේ රැස්වීම මෙම මස 19 වනදාත් පැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම පළාත් පාලන ආයතන 15 හි මංගල රැස්වීම් සිදු කෙරෙන දිනයේදී නගරාධිපතිවරුන්, නියෝජ්‍ය නගරාධිපතිවරුන්, සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් පත් කර ගැනීමට නියමිතයි.
මීට පෙර බස්නාහිර පළාතේ බලය පිහිටුවීමට නොහැකි වූ කොළඹ මහ නගර සභාව ඇතුලුව පළාත් පාලන ආයතන 21 ක මංගල රැස්වීම් පැවැත්වෙන දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබුණා.