කන්දකැටිය – බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද උදෑසන පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ 12 දෙනෙකු කන්දකැටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර ඉන් 7 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණය මුලික රෝහල වෙත මාරුකර තිබෙනවා.
අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන පිරිසක්. පටු මාර්ගයේ වංගු සහිත ප්‍රදේශයකදී වාහන දෙක එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.