බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් තංගල්ල මහවෙල ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මෙම අනතුර ඊයේ රාත්‍රියේ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මාතර සිට තංගල්ල බලා ධාවනකළ හා තංගල්ල සිට දික්වැල්ල බලා ධාවනය කළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
තුවාල ලැබුවන් නාකුළුගමුව හා තංගල්ල රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත්කර තිබෙනවා.
අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තංගල්ල පොලීසිය සිදුකරනු ලබනවා.