පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටු ඔය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද අලුයම තුනට පමණ මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූවන්ගෙන් 05 දෙනෙකු පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි මින්නේරිය පොලිසිය කියා සිටියේ.
අනෙක් තුවාල ලැබූවන් පොළොන්නරුව හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම පෞද්ගලික බස් රථය මාදුරුඔය සිට කොළඹ බලා ගමන් කරමින් පැවති අතර ටිපර් රථය කොළඹ සිට මැටි පටවාගෙන පැමිණෙමින් තිබූ බවයි වාර්තා වන්නේ.