ජුලි මාසයේදී සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මසකින් කල් දැමීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව අද කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්මින් ඔහු කියා සිටියේ එම සංශෝධනය එළැඹෙන අගෝස්තු මාසයේදී සිදු කිරීමට සැලසැම් කර ඇති බවයි.
වර්තමානයේ පවතින තත්ත්වය සහ ගැටලු කිහිපයක් සැලකිල්ලට ගෙන මෙම තිරණය ගැනුණු බවත් අනෙකුත් බස් සංගම් සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ.
එසේම ජුනි මාසයට අදාළව ඉන්ධන මිල නොවෙනස්වීම සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වූවා.
එහිදී කියා සිටියේ ඉන්ධන මිල වැඩි කළත් අඩු කළත් ආණ්ඩුවට ජනතාව බනින නිසා මෙවැනි තීරණයක් ආණ්ඩුවක් ගන්නට ඇති බවයි.