සුඛෝපභෝගී බස් රථයක් සහ ලොරි රථයක් ගැටිමෙන් සිදු වූ අනතුරකින් බස් රථයේ ගමන්ගත් කාන්තාවක් තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මෙම අනතුර සිදු වි ඇත්තේ අද උදැසන 11ට පමණ නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේදියි.
රථය අපරික්ෂාකාරි ලෙස ප්‍රධාන මාර්ගය හරහා හැරවිමේදි ධාවනය වෙමින් තිබූ බස් රථෙය් ගැටි මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ. අනතුරෙන් බස් රථයට සහ ලොරි රථයට හානි සිදුව තිබෙනවා.