සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති බව සඳහන්. පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. කෙසේ වෙතත් පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය විපක්ෂය සතුවන බවයි. එලෙස තිබියදී අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පසුගිය ජුනි මස 17 වැනිදා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානයත්වයෙන් රැස්වීමක් පැවැති බවත් පෙත්සම්කරුවන් සඳහන් කරනවා. එහිදී අදාළ තෝරා ගැනීම් සිදු කිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය තීරණය කළ අතර ඊට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරුන් 24 දෙනෙකු සභාවෙන් පිටව ගිය බවත්, පෙත්සමේ සඳහන් වනවා. කෙසේ වෙතත් එහි ප්‍රතිඵලයක් ලෙස සභාවේ ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් අදාළ තෝරාපත් කර ගැනීම කල් දැමුණු බවත්, පෙත්සමේ සඳහන් කර තිබෙනවා.මේ අනුව අදාළ තනතුරුවලට තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත්, එය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත්, පෙත්සම්කරුවන් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
උණුසුම් පුවත්
- මර්වින් සිල්වාට ඇප
- ගාමිණී ලොකුගේ හිටපු අමාත්‍යවරයාගේ අවසන් කටයුතු අද
- වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
- වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹී බව ට්‍රම්ප් කියයි
- ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම ගැන මම කියද්දි විහිලු කළ අයම අද විහිළුවක් වෙලා
- කොරියානු රැකියා අවස්ථා වැඩි කිරීමට පියවර
- E-8 වීසා ගැන අලුත් ආරංචියක්
- තවත් යානයක් මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළට වැටෙයි.