බස්නාහිර පළාතේ නිවාස සංවර්ධන අරමුදල යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා ලබාදෙන නිවාසාධාර මුදල් ප්රතිපාදන ඉහල දමා තිබෙනවා.
බස්නාහිර පළාත් ආන්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මේ මස පළමුවනදා සිට එය බල පැවැත්වෙන පරිදියි.
ඒ අනුව නව නිවසක් ඉදිකර ගැනීමට මෙතෙක් ලබාදුන් රුපියල් ලක්ෂ දෙකක උපරිම මුදල රුපියල් ලක්ෂ තුන දක්වා ඉහල දමා තිබෙනවා.
එමෙන්ම නිවසක් වැඩි දියුණු කිරීම හෝ ඉතිරි වැඩ නිමකිරීමට මෙතෙක් ලබාදුන් රුපියල් ලක්ෂයක මුදල ලක්ෂ දෙක දක්වාද ඉහළ නංවා ඇති බව සඳහන්.